Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක්

කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක්

කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක්

කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට මුද්දර හා නොතාරිස් ගාස්තු ලෙස රුපියල් මිලියන 515ක මුදලක් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකගත්වය පල කරයි. 2024 අයවැය අනුමත සීමාවට අනුව අදාළ ප්‍රතිපාදන වෙන් කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසයි.

මෙම මුදල මහා භාණ්ඩාගාරය විසින් ලබා දී ඇත්තේ කොළඹ මහල් නිවාස 03ක හිමිකම් ඔප්පු ප්‍රදානය සදහායි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස හිමියන් 50,000කට සින්නක්කර ඔප්පු පිරිනැමීම මේ මස 17 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ඇරඹේ.

සමාරම්භක උත්සවයේ දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිදු සෙත්පුර, සිරිසර උයන හා මෙට්‍රෝ නිවාස සංකීර්ණය යන නිවාස සංකීර්ණ වල මහල් නිවාස හිමියන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වල නිවැසියන් 1500කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතය.

අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසන්නේ සින්නක්කර ඔප්පු ලබා දීම රජය ගත් ඓතිහාසික තීන්දුවක් බවයි. මෙම මහල් නිවාස හිමියන් බහුතරයකට අදාළ හිමිකම නොතිබීම නිසා ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබිණි. මෙම නිවාස වල කුලී ගෙවීම පවා මෙහි නිවැසියන්ට බරපතල දුෂ්කරතාවයක් මතුව තිබූ බවද ලේකම්වරයා කීවේය.

මෙම ඔප්පු ලබා දීමේ දී රජය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත් බවත් සහාධිපත්‍ය කළමණාකරන අධිකාරියේ සහතිකය ලබා ගත් සියලුම මහල් නිවාස සදහා මෙම ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා කීවේය.

Exit mobile version