Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමු වතාවට කුරුඳු වගා සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි - ස්වීඩන තානාපති

ශ්‍රී ලංකාවේ කුරුඳු ස්වීඩනයට ආනයනය කිරීම තව තවත් ඉහළ යා හැකි - ස්වීඩන තානාපති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බදාදා දිනයේ (10) පස්වරුවේ එක් විය.

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ “කුරුඳු අත් පොත” තාක්ෂණික ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

Exit mobile version