Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අලුත් ක්ෂේත්‍ර 14කට බදු

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩ­පි­ළි­වෙ­ළක්

බදු ගෙවා නැතිනම් පදිංචි තැනට ගොස් ඒවා අය කර ගැනීමට වැඩ­පි­ළි­වෙ­ළක්

මෙතෙක් කලක් සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේත්‍ර 14ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට කිකිසිවිටෙකත් ඉඩදී නොමැති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම නව ක්ෂේත්‍ර අතරට පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදියද ඇතුළත් වනවා.

ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාළව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිළිබඳ දැඩි විමර්ශනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

Exit mobile version