Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොසොන් පොහොයට රැඳවූවන් 289 දෙනෙකුට රාජ්‍ය සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ.

ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා සිකුරාදා පොසොන් පොහෝය (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුලු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති අතර පිරිමි 283ක් හා කාන්තා 6ක් ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන තිබේ.

Exit mobile version