Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාමල් කොටසකට පොහොට්ටුව අතහැර යන්න කියයි

නාමල් කොටසකට පොහොට්ටුව අතහැර යන්න කියයි

නාමල් කොටසකට පොහොට්ටුව අතහැර යන්න කියයි

තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද නාමල් රාජපක්ෂ පවසන අතරම,

පොහොට්ටුව සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින කොටසක් පවසන බව කී රාජපක්ෂ මහතා එසේනම් පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට යා හැකි බව ද වැඩිදුරටත් පවසා සිටියා.

Exit mobile version