Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

න්‍යෂ්ටික අවි සදහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර බවට 2023

න්‍යෂ්ටික අවි සදහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර බවට 2023

න්‍යෂ්ටික අවි සදහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර බවට 2023

න්‍යෂ්ටික අවි සදහා ලොව වැඩිම වියදමක් සිදු කළ වසර ලෙස 2023 වසර වාර්තා අතරට එක්වනවා.

පසුගිය වසරේ දී න්‍යෂ්ටික අවි සදහා ලොව පුරා රටවල් සිදුකළ වියදම සියයට 13කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසර තුළදී පමණක් රටවල් න්‍යෂ්ටික අවි සදහා ඇමෙරිකා ඩොලර් බිලියන සියයක මුදලක් වැයකර තිබෙනවා.

2022 වසරේදී එය සටහන් වූයේ ඇමෙරිකා ඩොලර් බිලියන 91.4ක් ලෙසයි.

න්‍යෂ්ටික අවි සන්තකයේ ඇති රටවල් නවයම තම වියදම් ඉහළ දැමීම සිදුව ඇති බවද සදහන්.

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි සදහා පසුගිය වසරේදී ඇමෙරිකා ඩොලර් බිලියන 51.5ක මුදලක් ද, චීනය ඇමෙරිකා ඩොලර් බිලියන 11.9ක මුදලක්ද, රුසියාව ඇමෙරිකා ඩොලර් බිලියන 8.3ක මුදලක්ද, බ්‍රිතාන්‍ය ඇමෙරිකා ඩොලර් බිලියන 8.1ක මුදලක් හා ප්‍රංශය ඇමෙරිකා ඩොලර් බිලියන 6.1ක මුදලක් න්‍යෂ්ටික අවි සදහා වියදම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version