Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමෆෝසා යළිත්

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමෆෝසා යළිත්

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමෆෝසා යළිත්

දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස සිරිල් රමෆෝසා යළි තේරී පත් වුණා.

පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය හා විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී ගිවිසුමකින් පසු දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස මෙලෙස නැවත තේරී පත්ව තිබෙනවා.

ඔහුගේ ජයග්‍රාහී කතාවේදී රමෆෝසා මහතා නව සන්ධානයට ප්‍රශංසා කළ අතර රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට හා එකට වැඩ කිරීමට අපේක්ෂා කරන බව පැවසුවා.

මෙවර මැතිවරණයේදී ඔහුගේ පක්ෂය 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ඩීඒ පක්ෂය 22%ක ප්‍රතිෂතයක් ලබා දෙවන ස්ථානයට පත්වුණා.

Exit mobile version