Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයේ විදෙස් ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය ලබා දීමට තීරණයක්

ජපානයේ විදෙස් ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය ලබා දීමට තීරණයක්

ජපානයේ විදෙස් ශ්‍රමිකයින්ට ස්ථිර පදිංචිය ලබා දීමට තීරණයක්

විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් පසුගිය සිකුරාදා දින (14) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා.

නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ පෙර පැවති මූලික කරුණුද සංශෝධනය කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වසර තුනක් ඇතුළත නිශ්චිත පුහුණු සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදෙස් සීමාවාසිකයින් පුහුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් සඳහා මේ යටතේ විදෙස් ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

ඒ අනුව, කොන්දේසීන්ට යටත්ව, එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමටද විදෙස් ශ්‍රමිකයින්ට අවසර ලැබෙන බවයි වාර්තා වන්නේ.

දැනට පවතින නීති ප්‍රකාරව ජපානයේ රැකියාවන්හි නියුතු විදෙස් ශ්‍රමිකයින්ට, සේවා යෝජකයන් වෙනස් කිරීමට අවසර නැති අතර, නව පනත මගින් ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමි විදෙස් ශ්‍රමිකයින් විසින් රජයට අය විය යුතු බදු සහ අනෙකුත් මහජන මුදල් ගෙවීම් හිතාමතා පැහැර හරින අවස්ථාවන්හිදී ඔවුන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට රජයට හැකියාව ඇත.

කෙසේ වෙතත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේ දී, අවස්ථානුකූලව, එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ජපන් රජය සඳහන් කළේ.

සංශෝධිත නව පනත 2027 සිට ජපානය තුළ බලාත්මක වන බවයි, එරට මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Exit mobile version