Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෙවල් තියෙන අයට ‘කුලී බද්දක්‘

ගෙවල් තියෙන අයට ‘කුලී බද්දක්‘

ගෙවල් තියෙන අයට ‘කුලී බද්දක්‘

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හිමිකරුවන් පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළ සඳහා ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ (Imputed Rental Income Tax) හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන ලද IMF Country Report No. 24/161 වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දීමට සූදානම් වූ දේපළ බදු සහ තෑගි හා ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීම විවිධ ව්‍යවස්ථාමය සීමාකම් හේතුවෙන් ප්‍රමාද වීම කරණ කොට ගෙන මෙලෙස නව ‘ආරෝපිත කුලී ආදායම් බද්දක්‘ හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Exit mobile version