වසර ගණනාවක් පුරා අර්බුදයක් බවට පත්වී ඇති ජපානයේ දරු උපත් පහත වැටීම වැළැක්වීම සඳහා එරට තරුණ තරුණියන් අතර විවාහ සිදු කිරීමට සහ නව පවුල් ජීවිත ආරම්භ කිරීමට පහසුව සැලැසීමට ජපාන රජය මඟින් නව වෙබ් අඩවියක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බොහෝ බටහිර රටවල තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය එවැනි වෙබ් අඩවි මගින් ඔවුනොවුන්ගේ සහකරුවන් සහ සහකාරියන් සොයා ගැනීමට වැඩි පහසුවක් සැලසෙන බැවින් ජපාන රජය එවැනි පියවරක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මිලියන 123.9ක ජනගහනයක් හිමි ජපානයේ පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ දරු උපත් 7,27,277ක් පමණක් බව ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවකින් පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.