Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රටේ ණය ගැන මුදල් රාජ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්

වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු.බිලියන 129ක ණය ගෙවා දැමීමට පියවර

වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු.බිලියන 129ක ණය ගෙවා දැමීමට පියවර

මෙම වසරේ මාර්තු 31 වනවිට පැවැති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,725,200ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පසුගියදා (07) පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට දේශීය ණය රුපියල් කෝටි 17,051ක් පැවති බවද හෙතෙම ප්‍රකාශ කළ අතරම බාහිර ණය ලෙස කෝටි 3700ක් පැවති බවද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ණය කළමනාකරණ පනක් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

එක් කේන්ද්‍රගත ස්ථානයකට ණය කලමනාකරණ වගකීම පැවරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව පැවසූ සේමසිංහ මහතා ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට රට කළමනාකරණය කිරීමද එහි තවත් අරමුණක් බව සඳහන් කළේය.

Exit mobile version