කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින්ද තොරවය.
ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රය සම්ප්‍රේෂ්ණය, නිෂ්පාදනය, බෙදාහැරීම ලෙස කොටස් තුනකට වෙන්කිරීම මේ යටතේ සිදුකරනු ලබයි.
එසේම ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකරනු ලැබීය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.
ඒ අනුව, කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවයි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ කටයුතු ආරම්භ කෙරුණි.

