Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියානු මහ මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

දහ අටවන ලෝක සභාව තෝරාගැනීම සඳහා අප්‍රේල් 19 වැනි දින සිට ජූනි පළමුවැනි දින දක්වා අදියර හතකින් පැවතුණු ඉන්දියානු චන්දයේ ප්‍රතිඵල ඊයේ සහ අද නිකුත් විය. එම ප්‍රතිඵලවලට අනුව පාලක භාරතීය ජනතා පක්ෂය තුන්වන වරටත් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. නමුත් මෙවර ඡන්ද ප්‍රතිඵල වලට අනුව භාරතීය ජනතා පක්ෂය තදබල පසුබෑමක් පෙන්වන අතරම භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවක් ලෙස සැලකෙන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානය විසින් දිනාගෙන ඇත.

භාරතීය ජනතා පක්ෂය, සුළුතර ජනතාව වෙත වෛරය වපුරා එමඟින් ජන බලය ගොනු කිරීමට උත්සාහ කරන පක්ෂයක් බවට දේශපාලන තන්ත්‍රය තුළ ප්‍රකට දෙයකි. මෙවර තමන්ගේ ඡන්ද පදනම බේරා ගැනීම සඳහා, 1992 අවුරුද්දේ භාරතීය ජනතා පක්ෂයේ ආධාරකරුවන් විසින් කඩා ඉවත් කරන ලද ඓතිහාසික මුස්ලිම් දේවස්ථානය පිහිටි ස්ථානයේ රාම කෝවිලක් නිර්මාණය කළ අතර, එම කෝවිල පිහිටි ඡන්ද කොට්ඨාසය සහ ම ප්‍රාන්තය භාරතීය ජනතා පක්ෂය විසින් ගිලිහී ගොස් ඇත. ඡන්දයේ පස්වන අදියර පැවති දින, ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා එය හරහා ඡන්දයට බලපෑම් කිරීමටද උත්සාහ කළ අතර, ඔවුන් ත්‍රස්තවාදීන් නොවන බව ශ්‍රී ලාංකීය ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වලට තොරතුරු ලබාදීම ඉන්දීය චන්දය නිම වන තෙක්ම ප්‍රමාද කෙරිණි.

ආසන 543ක් සහිත ලෝක සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා ආසන 2007 දෙකක් ලබාගත යුතු අතර, භාරතීය ජනතා පක්ෂය ඇතුළු සන්ධානය ආසන 292 ක් දිනාගෙන ඇත. මෙය පෙර පැවැති ලෝක සභාවට සාපේක්ෂව ආසන පනහක පසුබෑමකි. එම ආසන 252ක් තුළ භාරතීය ජනතා පක්ෂය තනිව ආසන දෙසිය හතළිහක් දිනාගෙන ඇත. එය පෙර පැවති ලෝක බවට සාපේක්ෂව ආසන හැට තුනක පසුබෑමකි. මෙම ප්‍රතිඵල අනුව සන්ධානයේ සහාය නැතිව භාරතීය ජනතා පක්ෂයට තනිව පාලනය කිරීමේ බලය හිමි නොවනු ඇත.

විපක්ෂ සන්ධානය ආසන 2004 දෙකක් දෙනාගෙන ඇති අතර, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ආසන 99ක් දිනාගෙන ඇත. පෙර පැවති ආසන පනස් දෙකකට සාපේක්ෂව ආසන්න වශයෙන් දෙගුණයකි.

Exit mobile version