සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ගැටුම් ආරම්භ වී වසරකට පසු, බොහෝ පාසල් වසා ඇති බව එම වාර්තාව පෙන්වා දෙන අතරම ආරක්ෂක අවදානම, ගුරු හිඟ වැටුප්, පාසල් නවාතැන්පොළවල් බවට පත්වීම, ඉගැන්වීම් උපකරණ නොමැතිකම සහ වෙනත් සාධක රැසක් හේතුවෙන් බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම දුෂ්කර වී ඇත.
සන්නද්ධ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා සුඩාන දරුවන් මිලියන 4.6කට තම නිවහන අහිමි වී ඇති බවත්, ඔවුන් බලහත්කාරයෙන් අවතැන් කර ඇති බවත් එම වාර්තාව කියයි.