Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ICC යට මොසාඩ් විසින් මරණ තර්ජන

ගාඩියන් පුවත්පත විසින් හෙලි කර ගන්නා ලද නවතම තොරතුර වුයේ ඊශ්‍රායලයේ විදේශ බුද්ධි ඒජන්සිය වන මොසාඩ් හි හිටපු ප්‍රධානියා විසින්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ප්‍රධාන නඩු පවරන්නෙකුට යුද අපරාධ විමර්ශනයක් අත්හරින ලෙස බලපෑම් කිරීමට උත්සාහ කළ රහසිගත රැස්වීම් මාලාවකදී තර්ජනය කළ බව කියවෙන පුවතයි.

ගාඩියන් පුවත්පතට අනුව අවුරුදු කිහිපයකට පෙර එවකට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ප්‍රධාන නඩු පවරන්නිය ලෙස (chief prosecutor / ලංකාවේ නීතිපති තනතුරට සමාන) ෆටූ බෙන්සෝඩා මහත්මියට එවකට ඊශ්‍රායල් ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ යොසී කොහෙන් විසින් මරණ තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා. 2021 අවුරුද්දේ ඊශ්‍රායලය විසින් කරනු ලබන යුධ අපරාධ පිළිබඳ පර්යේෂණයක් අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් ආරම්භ කර ඇති අතර, එය ව්‍යාර්ථ කිරීම සඳහා බෙන්සෝඩා මහත්මිය සමග රහස් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති ඊශ්‍රායල් ඔත්තු සේවය, එහිදී එයට මරණ තර්ජනය කර තිබෙනවා. දිගින් දිගටම ඇයට බලපෑම් එල්ල කිරීමට උත්සාහ කළ ඊශ්‍රායල් ඔත්තු සේවය, පසු ඇයගේ ඥාතීන් සහ දරුවන් වෙතද ම තර්ජනය ව්‍යාප්ත කර තිබෙන බවට වාර්තා වනවා.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙත්තන්යාහුගේ සමීපතමයකු ලෙස කටයුතු කරන යොසී කොහෙන්, මොසාඩ් සේවය විසින් දශක ගණනාවක් දිගින් දිගටම අන්තර්ජාතික ආයතනයන් වෙත ඉදිරිපත් කළ බලපෑම්වල දිගුවක් ලෙස මෙම බලපෑමද සිදුකර තිබෙන බවටයි වාර්තා වන්නේ. බෙන්සෝඩා මහත්මියට බලපෑම් කිරීමේ කාර්යභාරයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හිටපු ජනාධිපති ජෝසප් කබීලා ගේද සහාය ලබාගෙන තිබෙන බවද සඳහන්.

බෙන්සෝඩා මහත්මිය එම බලපෑම් වලට යටත් නොවීම නිසා, ඇයගේ ස්වාමිපුරුෂයා ව “දැලේ දා ගැනීමේ මෙහෙයුමක්” (sting operation/වැරැද්දක් කිරීමට පොළඹවා ගැනීමේ මෙහෙයුමක්) දියත් කර ඇති බවටද වාර්තා වේ. කෙසේ වෙතත් මේ සියලු මෙහෙයුම් අසාර්ථක වී ඇති බවටයි වාර්තා වන්නේ.

බෙන්සූඩා මහත්මිය විසින් පලස්තීන භූමි ප්‍රදේශවල සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇය ගත් තීරණය හෙතුවෙන් මෙලෙස ඇයට මරණ තරජන වලට මුහුන දිමට සිදුව ඇති බව එහි වැඩි දුරටත් වාර්තා වේ.

Exit mobile version