Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේ වතු නිසි ලෙස නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් අවසන්

තේ වතු නිසි ලෙස නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් අවසන්

තේ වතු නිසි ලෙස නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් අවසන්

නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දෙයි.

රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබේ.

නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.

විශේෂයෙන් රජය විසින් තේ වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමටද පියවර ගෙන ඇත. මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 12,000ක මුදලක් වැය කරයි. අවශ්‍ය තරම් තේ පොහොරද රජයට අයත් පොහොර සමාගම් මගින් නිෂ්පාදනය කර සපයා දී තිබේ.

එමෙන්ම තේ වතුවල ඇති පැළ පුරප්පාඩු සිටුවීමටද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් බොහෝ වැවිලි සමාගම් මෙතෙක් තේ වගාවන්ට පොහොර යෙදීමට හෝ පුරප්පාඩු වී ඇති ස්ථානවල පැළ සිටුවීමටද කටයුතු කර නැත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට අවස්ථා කිහිපයක දී මේ බව දැනුම් දී ඇතත් වැවිලි සමාගම් එම තීරණ නොසළකා හැර ඇත.

මේ නිසා තේ දළු අස්වැන්න අඩු වන අතරම එමගින් ලැබෙන ආදායමද අඩු වේ.

තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

එමෙන්ම වැවිලි සමාගම් කිහිපයක් ඉතාමත් සාර්ථකව තේ වතු නඩත්තු කිරීම, පොහොර යෙදීම සිදු කරනු ලබයි. ඔවුන්ගේ අස්වැන්න හා ආදායම් ද ඉහළ ගොස් තිබේ. එම වැවිලි සමාගම්වල කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතාට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

Exit mobile version