Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එළවලු මිල යළිත් ඉහළට

එළවලු මිල යළිත් ඉහළට

එළවලු මිල යළිත් ඉහළට

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔව්හු සඳහන් කරති.

සාමාන්‍ය වෙළෙඳපොළේ බොංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360ක පමණ මිලකටත්, ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල් 240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරිවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත් ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ.

කොළඹ මැනිං වෙළදපොලේ තොගමිල බොංචි රුපියල් 600කටත්, කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල් 130 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 100 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර වෙළඳපොලේ දෙහි සහ අමු ඉඟුරු මිළ තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිල රුපියල් 2000 කටත්, අමු ඉගුරු කිලෝවක මිල රුපියල් 3800ත් 4200ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.

Exit mobile version