Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් ඖෂධ 50කට උපරිම මිලක් – ජාතික ඖෂධ නියාමන අධිකාරිය

තවත් ඖෂධ 50කට උපරිම මිලක් - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

තවත් ඖෂධ 50කට උපරිම මිලක් - ජාතික ඖෂධ නියාමන අධිකාරිය

තවත් ඖෂධ 50කට උපරිම මිලක් නියම කිරීමේ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මීට පෙර ඖෂධ 60ක මිල පාලනයක් සිදු කළ අතර තවත් ඖෂධ 50ක් එකතු වූ විට මිල පාලනයක් සිදු වන ඖෂධ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ යන බවත් ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව අඟහරුවාදා (21) කියා සිටියේය. පසුගිය කාලයේ සිදු වූ ඖෂධ ගැටලු දැන් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර අධිකාරියෙන් ගෙන ඇති බවත් ඒ මහතා පැවසුවේය. දෙසැම්බර් අවසන් වන විට නව ඖෂධ ලියාපදිංචි වීම් 7500ක් පැවැති අතර එය මේ වන විට 3500ක් දක්වා අවම කර ඇති බවත් පසුගිය ඔක්තෝබර් මාසයේ, මසකට 57ක් පමණ වූ ඖෂධ ලියාපදිංචිය මේ වන විට මසකට 1000ක් දක්වා ඉහළ නංවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ඖෂධ ගෙන්වීම සඳහා වන සහතිකපත් නිකුත් කිරීම රජයේ මුද්‍රණාලය සමඟ එක්ව සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් එම සහතිකපත්‍රය ව්‍යාජ ලෙස සකස් කිරීමට නොහැකි ලෙස සකස් කරන බවත් හෙතෙම පැවසීය. එම සහතික පත්‍රය සඳහා නියාමන අධිකාරියට අනන්‍ය වූ ස්ටිකරයක් ඇළවීමට ක්‍රියා කරන්නේ යැයිද ඒ මහතා පැවසුවේය.

මෙම ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඔස්සේ හොර පාරෙන් ගෙන්වන ඖෂධ නැවැත්වීම සිදු කරන බවත් මේ වන විට ජනතාවට ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක ඖෂධ ලැබීම සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version