Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශම්මි සිල්වාට එරෙහිව වාරණ නියෝගයක්

ශම්මි සිල්වාට එරෙහිව වාරණ නියෝගයක්

ශම්මි සිල්වාට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා (15)නිකුත් කළේය.

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ මහතා විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහත්වරුන්ට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීතිවිරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර විත්තිකරුවන්ට ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

Exit mobile version