ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තෝරාගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව බදාදා දින (01) ප්‍රකාශ කළා.
විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය හිමිවන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
තමන් මින් පෙර ජනධිපති ධුරයේ කටයුතු කර ඇති බවත් නැවත එසේ කටයුතු නොකරන බවට ප්‍රතිඥා දුන් බවත්, ඉදිරි ජනාධිපතිවරණයට විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වන අතර ඔහුට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් වැඩිදුර අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා.