Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන – ශ්‍රී ලංකා අතර ගිවිසුම් 5ක්

ඉරාන - ශ්‍රී ලංකා අතර ගිවිසුම් 5ක්

ඉරාන - ශ්‍රී ලංකා අතර ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කටද අත්සන් තැබීමට නියමිතය.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බදාදා (24) පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා (24) දිවයිනට පැමිණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Exit mobile version