Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ධීවරයින්ට පොදු සමාවක්

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ධීවරයින්ට පොදු සමාවක්

මියන්මාරයේ අත්අඩංගුවේ සිටි ධීවරයින්ට පොදු සමාවක්

‍මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර 7ක බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම වු ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාව හිමිව තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති ජනක බණ්ඩාර මහතා පැවසුවේ,(16) දිනට යෙදී තිබු එරට නව අවුරුදු උත්සවය වෙනුවෙන් අදාළ පිරිසට පොදු සමාව ලබාදීමට මියන්මාර බලධාරීන් පියවර ගෙන ඇති බවය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 2වනදා රයන් පුතා 2 සහ ක්ලෝරස් යන බහුදින ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ධීවරයින් 15 දෙනා මුහුදු සීමා උල්ලංඝනය කිරීම හා අනවසර ධීවර කටයුතුවල නිරත වීම යන චෝදනා මත මියන්මාරයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව සිරදඬුවම් නියමව තිබු අතර තානාපති කාර්යාලය අවස්ථා කිහිපයකදී සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙලෙස එම ශ්‍රී ලාංකිකයින්ට පොදු සමාව ලබාගැනීමට හැකිවු බව තානාපති ජනක බණ්ඩාර මහතා පැවසුවේය.

Exit mobile version