Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිගුරාන සීනි කර්මාන්ත ශාලාවෙන් ඉතිහාසගත නිෂ්පාදනයක්

හිගුරාන සීනි කර්මාන්ත ශාලාවෙන් ඉතිහාස ගත සිනි නිෂ්පාදනයක්

හිගුරාන සීනි කර්මාන්ත ශාලාවෙන් ඉතිහාස ගත සිනි නිෂ්පාදනයක්

ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272ක් අඹරා තිබේ.

හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩිම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් පෙරේරා මහතා පැවැසීය.

මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000ක් බවද සදහන් ක‍‍ළේය.

දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000ක් පමණ සම්බන්ධ වී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා පැවැසීය.

ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාදෙන අතර හිගුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බවද සදහන් කළේය.

මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958ක් නිෂ්පාදනය කළ බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (කර්මාන්ත) සමන්ත කුමාර මහතා පැවැසීය.

Exit mobile version