Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ කොටි ඝනත්වය ඉහළට; ආසියාවේම පළමු තැන

ශ්‍රී ලංකාවේ කොටි ඝනත්වය ඉහළට; ආසියාවේම එකට

ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනන්තරය මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය බවට අනාවරණය වී තිබෙනවා.

ඒ වසර 13ක් පුරාවට සිදු කළ පර්යේෂණයකින් අනතුරුවයි.

කීර්තිමත් සත්වවේදියෙකු වන කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු සියයකට අධික කණ්ඩායමක් එක්ව 2011 වසරේ සිට සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය කරගෙන ඇත.
එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටියන් 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.
ඉන් පැටවුන් සමඟ කොටි දේණුවන් 08ක් පමණ දිවි ගෙවන බව අනාවරණය කරගෙන තිබෙනවා.

මෙරට විශාලතම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලට මායිම්ව, පුත්තලම සහ අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක රැසක් පුරා විහිද පවතී. හෙක්ටයාර 131,690ක භූමි භාගයක් පුරා පැතිර තිබෙන විල්පත්තුවේ වර්ග සැතපුම් 100කට කොටි 14ක් පමණ ජීවත් වෙයි.

මෙම කොටි ගහණය විදෙස් සංචාරකයින් වැඩි ව්ශයෙන් විල්පත්තුව වනෝද්‍යානයට ඇළුම් කිරීමටද හේතු වී තිබෙනවා.

Exit mobile version