Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය වේ

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඉරිදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 7කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කළ බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 440.00ක් ලෙසත් ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 386.00ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245.00ක් ලෙසත් සටහන් වනවා.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371.00ක සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 363.00 තවදුරටත් එලෙසින්ම පවතින බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

Exit mobile version