Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකියි – චම්පික රණවක

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකියි - චම්පික රණවක

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකියි - චම්පික රණවක

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක්ද ඇති කිරීමට පියවර ගත් බව කී රණවක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බවද ඒ මහතා සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version