Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

109 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077ක්

109 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077ක්

109 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077ක්

පසුගිය ජනවාරි 4 වනදා සිට මාර්තු 10 වනදා දක්වා කාලය තුළ ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077ක් වාර්තා වී තිබෙනවා.

එම අංකයට ලැබුණු පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති බවත්, ඉන් පැමිණිලි 42ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි.

එසේ ලැබු පැමිණිලි අටක් සමථ මණ්ඩලය වෙත යොමුකර ඇති අතර, පැමිණිලි 550 කට අදාළව විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි නව යොවුන් වියේ දරුවන්ට රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි 109 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

Exit mobile version