Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා දින (13) අවසර ලබා දුනි.

2021 වසරේ සහකාර පොලිස් අධිකාරි ධුර සඳහා උසස්වීම් පිරිනැමීමේදී තමන්ට එම උසස්වීම් නොලැබීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ පෙත්සම් සලකා බැලීමෙන් පසුව ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඊයේ දින සිට සති 06ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසකට අධිකරණය විසින් නියෝග කර තිබේ.

අදාල පෙත්සම් ජුලි මස 10 සහ 11 යන දිනවල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සහකාර පොලිස් අධිකාරි ධුර 230 ක් පමණ මේ වනවිට පුරපාඩුව පවතින බවත් අධිකරණය විසින් දෙනු ලබන නියෝග මත කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගන්නා බවත් සඳහන් කර සිටියේය.

Exit mobile version