Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලන්කන් ඩොලර් කෝටි 51ක ණය ආණ්ඩුව භාරගනී; ලංසු කැඳවීම කල් යයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510ක් හෙවත් ඩොලර් කෝටි 51ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා (05) පැවසීය.

එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය රුපියල් බිලියන 102ක් හෙවත් රුපියල් කෝටි 10,200ක්, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය ඩොලර් මිලියන 210ක් සහ ලංකා බැංකුවට ඇති ඩොලර් මිලියන 68.2ක බැංකු අණකරයක් ගෙවීම ආණ්ඩුව භාරගත් බවත් එම ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 302ක් පමණ වන බවත් අමාත්‍යවරයා කීය.

ඊට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙන ඇති ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැදුම්කරයක් වෙනුවෙන් භාණ්ඩාගාරය දැනටමත් ඔවුන් නොගෙවුවහොත් ගෙවන බවට බැදුම්කරයක් දී ඇති බවත් ලංකා සහ මහජන යන බැංකුවට ඇති තවත් රුපියල් බිලියන 31.4ක ණයක් සඳහා භාණ්ඩාගරය බැදුම්කරයක් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදලින් මෙම මුදල අයකරගැනීමටද නියමිත බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලංසු කැඳවීමේ කාලය තවත් දීර්ඝ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි

ඒ අනුව එය (05) දින සිට දින 45කින් කල්දැමීමට සිදු වෙයි.

Exit mobile version