Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව

අටවන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ අනුව එළඹෙන මාර්තු 19වැනිදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් විස්සක් යොදා ගනිමින් ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවත් එළඹෙන වසරේදී එය දීපව්‍යාප්තව ක්‍රියාවට නංවන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවද අමාත්‍යවරයා පැවසුවා

Exit mobile version