Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ ගෑස්, ඉන්ධන මිල මාර්තු මාසයේදීත් එලෙසින්ම

ලිට්‍රෝ ගෑස්, ඉන්ධන මිල මාර්තු මාසයේදීත් එලෙසින්ම

ලිට්‍රෝ ගෑස්, ඉන්ධන මිල මාර්තු මාසයේදීත් එලෙසින්ම

මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා.

මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව දැනට පවතින මිල ගණන් පහතින්,
12.5 kg – රුපියල් 4,250.00
5 kg – රුපියල් 1,707.00
2.3 kg – රුපියල් 795.00

මේ අතර මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

Exit mobile version