Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිලන්ත බෞද්ධ කණ්ඩායමකගෙන් ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්

තායිලන්ත බෞද්ධ කණ්ඩායමකගෙන් ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්

තායිලන්ත බෞද්ධ කණ්ඩායමකගෙන් ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

එම පරිත්‍යාගය මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාවට පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දෙනු ලැබීය.

මෙම කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සද්කාර්යයන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළ තෙවන අවස්ථාව මෙය වන අතර 2010 සහ 2011 වසරවලදී කොළඹ ගංගාරාම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක මුදලින් රට පුරා බෞද්ධ විහාරස්ථාන 1,800ක සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට කටයුතු කරන ලදී.

Exit mobile version