Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමෙරිකාවෙන් මෙරටට රු. කෝටි 1750ක ඖෂධ නොමිලේ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී

ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ.

වේදනා නාශක හා ප්‍රතිජීවක ඇතුළු ඖෂධ රැසක් මෙයට ඇතුළත්.

කිරිදෙන මව්වරුන්ට හා අඩු පෝෂණයෙන් යුක්ත මව්වරුන්ට අවශ්‍ය කෙරෙන අතිරේක පෝෂණද මෙසේ ලැබී තිබෙනවා. ප්‍රමිතියෙන් ඉහල මිල අධික ඖෂධ මෙසේ පරිත්‍යාග කර තිබෙනවා.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව එරට ආයතන තුනක් එක්වයි මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙන්නේ. වෛද්‍ය උපකරණ තොගයක්ද ඊට ඇතුළත්.

මෙරට ආර්ථිකය කඩා වැටී තිබියදීද මෙසේ පරිත්‍යාග ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පිරිනැමුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලේ ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

Exit mobile version