Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් අක්කර 6යි රූඩ් 2ක් පමණ ඉඩමක්

ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් අක්කර 6යි රූඩ් 2ක් පමණ ඉඩමක්

ඉන්දීය සහායෙන් හැදෙන ආශ්‍රමයකට කොත්මලෙන් අක්කර 6යි රූඩ් 2ක් පමණ ඉඩමක්

ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන් ආශ්‍රමයක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය ආධාර මත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී නාරායන ධර්ම සංගම් කොළඹ භාරය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රම්බොඩවත්ත නමැති ඉඩමෙන් අක්කර හයයි රූඩ් දෙකක් පමණ ඉඩම් කොටසක් ඒ සඳහා හඳුනාගෙන ලැබ තිබේ.

එකී ඉඩම් කොටස වසර තිහක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා නාරායන ධර්ම සංගම් කොළඹ භාරය වෙත ලබාදීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version