Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපවාහිනි සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ වි රාජ්‍ය සමාගමක්

රුපවාහිනි සංස්ථාවයි හා ගුවන් විදුලි සංස්ථාවයි ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක්

රුපවාහිනි සංස්ථාවයි හා ගුවන් විදුලි සංස්ථාවයි ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක්

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක් බිහිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තා වනවා.

අමාත්‍ය මණ්ඩලය මම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව විසින් ලබා දුන් නිර්දේශ මත බවයි පැවසෙන්නේ.

රූපවාහිනි නිසා සංස්ථාව රුපියල් මිලියන 1300ක් හා ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක් මේ වන විට ණය ගෙවීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආයතනවල මාසික විදුලි ගාස්තුව රුපියල් මිලියන 60ක් පමණ වන අතර වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වන බවයි පැවසෙන්නේ.

මේ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට මෙම ආයතන වලට අසීරුවී ඇති නිසා මෙම මෙසේ ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට තීන්දු කර තිබේ.

දැනට මෙම ආයතන දෙකේ සේවක සංඛ්‍යාව 1100ක් පමණ වනවා.

Exit mobile version