Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට

මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට

මියන්මාර අත් අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකෙහි නියමුවන් දෙදෙනාට වසර 5 බැගින් සිර දඬුවම් සහ දඩ මියන්මාර අධිකරණය නියම කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

එම ධීවර බෝට්ටු දෙකෙහි ඉතිරි ධීවරයන් 13ට වසර 3 බැගින් වූ සිර දඬුවම් හා දඩ මියන්මාර අධිකරණය නියම කළ බව තානාපතිවරයා පැවැසුවේය.

මියන්මාර අත් අඩංගුවේ පසුවූ ධීවරයන් 15 දෙනාට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.ඔවුන්ට එල්ල කර තිබූ පළමු චෝදනාව වූයේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීම බවත් දෙවැනි චෝදනාව වූයේ මියන්මාර මුහුදු සීමාවේ නීති විරෝධී අන්දමින් මසුන් ඇල්ලීම බවත් ජනක බණ්ඩාර මහතා පැවැසුවේය.ධීවරයන් 15 දෙනාම වරද පිළිගැනීමෙන් පසු මියන්මාර අධිකරණය මෙම දඬුවම් නියම කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

ධීවරයන් 15 දෙනා සම්බන්ධයෙන් නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස තානාපති කාර්යාලය මියන්මාර රජයෙන් ඉල්ලීමක් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නඩු කටයුතු කඩිනමින් අවසන් වූ බවත් තානාපතිවරයා පැවැසුවේය.ධීවරයන් 15 දෙනාට නියම වූ සම්පූර්ණ දඩ මුදල එදිනම තානාපති කාර්යාලය ගෙවා දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.

සිර දඬුවම් නියම වූ ධීවරයන් 15 දෙනාට මියන්මාර රජය එකඟ වී තිබෙන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත තානාපති කාර්යාලය සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ජනක බණ්ඩාර මහතා පැවැසුවේය.ඉදිරි කාලයේදී ධීවරයන් 15 දෙනාට පොදු සමාව ලබා ගැනීමට සහ ධීවර බෝට්ටු දෙක නිදහස් කර ගැනීමට හැකිවෙනු ඇති බවත් නිදහස් කර ගැනීමෙන් පසු ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version