Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉරාන විදේශ ඇමැති 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉරාන විදේශ ඇමැති 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉරාන විදේශ ඇමැති 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා (19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

නිල සංචාරයේදී ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත බවත් අනතුරුව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා සමඟ ඉරාන ජනාධිපති කාර්යාලයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Exit mobile version