Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කරයි

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කරයි

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කරයි

සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඊට අදාළ ඉහළම අධ්‍යාපන සුදුසුකම වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් 03ක් සමත්වීමේ කොන්දේසිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා පහත හෙළිමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් මස 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් සාමවිනිසුරු පත්වීමක් ලබාගැනීමේදී ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලෙස උසස් පෙළ විෂයන් 03ක් සමත්වී තිබිය යුතු බව නියම කර තිබුණි.

කෙසේවෙතත් එය සංශෝධනය කරමින් පසුගිය 13 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ සාමවිනිසුරු පත්වීමක් ලබා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර 02කට නොවැඩි ගණනකදී සම්මාන සාමාර්ථ 02ක් සහිතව විෂයන් 06ක් සමත්වී තිබිය යුතු බවය.

කෙසේවෙතත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ප්‍රජාව වෙත ආදර්ශවත් සේවාවක් සලසා සාමවිනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් යම්කිසි පුද්ගලයෙකු නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඔහු සාමවිනිසුරුවරයෙකු බවට පත්කළ හැකි බවද නව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

Exit mobile version