Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති

ආණ්ඩුවේ ප්‍රභලයින් හා ඉස්ලාමීය අන්තවාදීන් අතර සමීප සබදතාවයක් තියෙනවා – ඥානසාර හිමි

ආණ්ඩුවේ ප්‍රභලයින් හා ඉස්ලාමීය අන්තවාදීන් අතර සමීප සබදතාවයක් තියෙනවා – ඥානසාර හිමි

මාධ්‍ය හමුවකදි කූරගල විහාරස්ථානය සම්බන්ධ ප්‍රකාශයකදී මුස්ලිම් ජනයාට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් තමා සමාව අයදින බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කර තිබෙනවා.

2016 වසරේ මාර්තු මස 30 වැනි දින පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අතරතුර දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්‌ සිදුකරන ලද ප්‍රකාශයක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක්‌ වන අයුරින්‌ ප්‍රකාශයක්‌ නිකුත්‌ කළේ යැයි නීතිපතිවරයා විසින්‌ බොදුබල සේනා නමැති සංවිධානයේ මහ ලේකම්‌ ගලගොඩඅත්‌තේ ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

මෙහිදී විත්තිකූඩුවේ සිටි චූදිත හිමි නම විසින් මෙසේ ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම පෙබරවාරි 28 වැනි දිනට යෙදී තිබෙනවා.

Exit mobile version