Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Online පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Online පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Online පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වි ඇත.

ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහා වන යෝජනාවකටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කර ඇති අතර කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් වූ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින් ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඉදිරිපත් කළ යෝජනා එම පනතට හදුන්වාදීමට හැකි වි නැත.

ඒ අනුව අදාළ විශේෂඥයින් සමග තවදුරටත් සාකච්ඡා කර හදුනාගෙන ඇති සංශෝධන මත පදනම්ව නව කෙටුම්පත සකස් කිරීමට නියමිතයි.

Exit mobile version