Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිම්පත ලියාපදිංචිය ගැන TRCSL නිවේදනයක්

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු ගැන අලුත් තීරණයක්

දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු ගැන අලුත් තීරණයක්

ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරය(12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය ඒ බව සඳහන් කළාය.

ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගත හැකි බව ඇය පෙන්වා දුනි.

ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය.

ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බව ද ඇය සඳහන් කළාය.

Exit mobile version