Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඔන්ලයින් ආරක්ෂණ පනත ප්‍රකාශනයේ නිදහසට බාධාවක්” – ඇම්නෙස්ටි ජාත්‍යන්තරය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පසුගිය බදාදා අතිශයින් භයංකර “අන්තර්ජාල ආරක්ෂණ නීතියක්” යයි නව නීති කෙටුම්පතක් සම්මත කර ඇතැයි ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සඳහන් කර සිටි.

“ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාවට විශාල පහරක්. මෙම නීති කෙටුම් පත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමටත් විරුද්ධ පක්‍ෂ මර්දනය කිරීමටත් යොදා ගත හැකි ආණ්ඩුවේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා බලධාරීන් එය වහාම ඉවත් කර රටේ සියලුම වැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කළ යුතුයි” යයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු විශේෂඥ ත්‍යාගි රුවන්පතිරණ මාධ්‍ය වෙත පවසා සිටියාය.

මෙම නීතියේ බොහෝ වගන්ති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රකාශන ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස සකස් කර නොමැති බවත් අන්තර්ජාලය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පෞද්ගලික ජිවිතය සඳහා වන අයිතීන් ද උල්ලංඝණය කර ඇත. තවද මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී නිදහස සීමා කිරීම සඳහා අසීමිත විධිවිධාන ලබා දී තිබේ. “තහනම් ප්‍රකාශයන්” වැනි නොපැහැදිලි කොන්දේසි සලකා බලන බලගතු “සයිබර් ආරක්ෂණ කොමිසමක්” විසින් ඒවා නිර්ණය කරනු ලැබේ.

“ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබූ රාජ්‍යයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පෞද්ගලිකත්වය සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ශ්‍රී ලංකාව බැඳී සිටිනවා”ඇය අවධාරණය කර සිටියාය.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා ආණ්ඩුවේ ජනතා සුබසාධන කප්පාදු කරන ආර්ථික යෝජනා වල කොන්දේසි වල බලපෑම් නිසා ජනතාව අත්විඳින දුෂ්කරතා සහ එයට එරෙහිව නිතර විරෝධතා රට පුරා සංවිධාන කරන බැවින්, මෙම නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේදී බලධාරීන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් ඇති අතර සමාජ ජාලා අවකාශයන් තවදුරටත් සීමා කිරීමට සහ ඒවා විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද යොදා ගනු ඇත. මෙම මැතිවරණ වර්ෂයේදී සහ පෙළපාලි හා දේශපාලන රැලි මර්දනයේ අප කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව මැතිවරණයට පෙර හා පසුව යන කාල වලදී රටේ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීම සහතික කිරීම සහ ඒවා සහතික කිරීම මගින් ඔවුන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සහ ඒවා ආරක්ෂා කිරීමට කැපවීම් ගරු කිරීම ප්‍රදර්ශනය කළ යුතුව ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය තම නිවේදනය මගින් වැඩි දුරටත් සඳහන් කර සිටි.

2023 ජනවාරි 24 බදාදා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම අපකීර්තිමත් ඔන්ලයින් ආරක්ෂණ පනත සම්මත කිරීම මගින් එහි අඩංගු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද කෙටුම්පත මගින් “තහනම් ප්‍රකාශ” යනු කුමක්ද යන්න තීරණය කිරීමට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට නිර්දේශ නිකුත් කිරීමට ඇති බලය ඇතුළුව ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද ආරක්ෂණ කොමිසමකට” පුළුල් බලතල ලබා දී ඇත. ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් වන හෝ විවිධ වර්ගවල පුද්ගලයන් අතර ද්වේෂසහගත සහ සතුරු හැඟීම් දිරිගන්වන හෝ නීත්‍යානුකූලව නියැලී සිටින ඕනෑම රැස්වීමක් හිතාමතාම කඩාකප්පල් කිරීම සඳහා “ව්‍යාජ ප්‍රකාශයක් ප්‍රචාරය කිරීම” තහනම් කිරීම සඳහා මෙම නීතිය මගින් එම නව කොමිසමට විධිවිධාන සපයයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව බොහෝ මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජයේ සාමාජිකයින් විසින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේද (OHCHR) විවේචනයට ලක් වී ඇති අතර, මෙම පනත් කෙටුම්පත “ප්‍රකාශනයේ නිදහසට අනතුරු දායක පරිසරයක්” නිර්මාණය කරන බවට ද අවධාරණය කරනු ලැබ තිබේ.

Exit mobile version