Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ දී වී සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කරයි

මහ කන්නයේ දී රජය විසින් වී මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවම මිල ගණන් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තෙතමනය සියයට 14 මට්ටමක ඇති නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 105ක්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 120ක් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 130ක් ලෙස අවම මිල ගණන් සඳහන් කර ඇත.

තෙතමනය සියයට 14 මට්ටමට වැඩි නාඩු වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 90ක්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 120ක් ලෙස අවම මිල නිකුත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට තීරණය කළ බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version