Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් පාලන කොමසාරිස්වරිය වෙත නියෝගයක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් පාලන කොමසාරිස්වරිය වෙත නියෝගයක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් පළාත් පාලන කොමසාරිස්වරිය වෙත නියෝගයක්

ජීවිත හා දේපල හානිවීමට බලපෑ හැකි අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පළාත් පාලන කොමසාරිස්වරිය වෙත නියෝග කර ඇත.

පසුගිය දින කිහිපය තුල වාර්තා වූ අනතුරුදායක ගස් කඩා වැටීම් හේතුවෙන් පළාතේ දරුවන් දෙදෙනකුගේ දිවි අහිමි වීමත් සමගම මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ආඥා පනත් ප්‍රකාරව ජීවිත හා දේපල හානිවීමට බලපෑ හැකි අනතුරුදායක ගස්, අතු හා අන්තරාදායක දේ ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදීමටත් අනතුරුදායක ගස්, අතු හෝ ඕනෑම දෙයක් පිළිබඳව පළාත්පාලන ආයතන දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ පිළිබඳව පළාත් පාලන ආයතන මඟින් ජනතාව දැනුවත් කිරීම කරන ලෙසත් නියෝග කළේය.

එසේම එවැනි අනතුරුදායක අවස්ථා පිළිබද අවධානයෙන් සිට කඩිනමින් තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version