Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 1927 ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකතන අංකය දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් (26) කොළඹ 1, ලයිට් හවුස් ගැලරිහිදි පැවැත්වුණු අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි. මේ දුරකතන අංකය සහිත කෙටි වැකි විද්යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බවද සභාපතිවරයා කීය.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ රට තුලට ගෙන ඒම හා පැතිරීම පාලනය කිරීම, භාවිත‍ය සඳහා යොමුවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කර රටේ අභිවෘද්ධිය සඳහා දායක කරගනිමින් සමාජ ආර්ථික සුරක්‍ෂිතතාවය උදාකර ගැනීම‍ උදෙසා මෙම කාර්යය සාධක බලකාය අමාත්‍යංශ 11ක් සහ දෙපාර්තමේන්තු 14ක සාමාජිකත්වයෙන් ස්ථාපිත කර ඇති අතර, එහි සභාපති ලෙස 2023 ජනවාරි මස 11 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේ‍රා පත්කර ඇත.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු ලබාගැනීම වෙනුවෙන් හඳුන්වාදුන් 1927 දරණ ක්‍ෂණික දුරකථන අංකය මඟින්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හටද තොරතුරු ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

Exit mobile version