Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විගණන නිලධාරී තනතුරු 400ක පුරප්පාඩු

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ව්‍යාපෘති 20කට කෝටි 183ක් අරන්

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසයි.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩනිමින් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සුදුසුකම් ලත් දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතයි.

ඒ සඳහා ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

Exit mobile version