Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලබන පෙබරවාරි 20 ට පෙර ජගත් සංවිධානයේ සේවයේ නියුතු සියලු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිටවීමට දැනුම්දෙයි

ජගත් සංවිධානයට අනියුක්ත ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිට වෙන්න කියයි

ජගත් සංවිධානයට අනියුක්ත ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිට වෙන්න කියයි

ජගත් සංවිධානයට අනියුක්තව යේමනයේ සේවයේ නියුතු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට වහාම යේමනයෙන් පිටව යන ලෙස හූති කැරළිකරුවන් දැනුම් දී තිබෙනවා.

මාසයක කාලයක් ඇතුළත ජගත් සංවිධානයට අනියුක්තව සේවයේ නියුතු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින් යේමනයෙන් පිටවිය යුතු බවයි ජගත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශයෙකු සදහන් කර ඇත්තේ.

අදාළ දැනුම්දීම ඇතුළත් ලිපියක් ද හූති කැරලිකරුවන් නිකුත් කර තිබෙනවා.

ජනවාරි 20වන දින මෙම ලිපිය යොමුකර ඇති අතර පෙබරවාරි 20වන දින වනවිට ජගත් සංවිධානයේ සේවයේ නියුතු සියලු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යේමනයෙන් පිටවීමට සිදුවනු ඇති.

රතු මුහුදේ හා ඒඩ්න් බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ හූති කැරළිකරුවන් වෙළද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව පසුගිය සතියේදී හූති කැරළිකරුවන්ට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කළා.

Exit mobile version