Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුයි – නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දී ජනපති රනිල්

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුයි - නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දී ජනපති රනිල්

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුයි - නොබැඳි ජාතීන්ගේ සමුළුවේ දී ජනපති රනිල්

වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19වැනි රාජ්‍ය නායක සැසිය අමතමින් උගන්ඩාවේ දී (19)පැවසීය.

බටහිර ඉවුර, ගාසා තීරය සහ නැගෙනහිර ජෙරුසලම, පලස්තීන රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගත යුතු යැයි කී ජනාධිපතිවරයා එමෙන්ම ගාසා හි ජනවාර්ගික සංයුතියේ කිසිදු වෙනසක්ද සිදු නොවිය යුතු බව ශ්‍රී ලංකාවෙි ස්ථාවර බව සඳහන් කළේය.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19වැනි රාජ්‍ය නායක සැසිය (19) සහ (20) පැවැත්වේ.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ඇරැඹිණි.

Exit mobile version