Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 06කට මැතිසබේ අනුමැතිය

නව පත් කිරීම් කිහිපයකට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

නව පත් කිරීම් කිහිපයකට උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත් ආයතන පහකට ප්‍රධානීන් පත්කිරීමටත් උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

ඒ අනුව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධන මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමතිය ලබාදී ඇත

එසේම එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

එයට අමතරව එස්.සී.ජේ. දේවේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද .ජේ.එම්. සූසෙයිදාසන් මහතා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇතැයි චමින්ද කුලරත්න මහතා කීවේය.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 10වැනිදා රැස්විය.

Exit mobile version