Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජල සම්බන්ධතා වෙනුවෙන් ඇමති ගෙවල් 11කින් රු. ලක්ෂ 46ක පොල්ලක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

2023 මුල් මාස දහයට මනුෂ්‍ය ඝාතන 488ක්

අමාත්‍යවරුන්ගේ නිල නිවාස එකොළහක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් වසර 19ක සිට රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද කොළඹ නගර සභාවේ රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක්ද 2022 වර්ෂය අවසන් වනවිටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

වෙළඳ සහ අනෙකුත් ණයහිමියන්ගේ රුපියල් කෝටි 118ක ණය ශේෂයක් 2022 දෙසැම්බර් 31 වැනිදා වනවිට පියවීමකින් තොරව පැවතුණ බව වාර්තාව සඳහන් කරයි.

තවද මණ්ඩලයේ සියයට අනූවකට වැඩි සේවක පිරිසක් රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක ණය සහ අත්තිකාරම් මුදල් අය කර ගැනීමෙන් තොරව විශ්‍රාම යෑමට ඉඩ සලසා තිබූ බව පවසන විගණන වාර්තාව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට වාහන තුනක් සහ හිටපු උපසභාපතිවරයාට වාහන දෙකක් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

මෙයට අමතරව මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150ට අමතරව රුපියල් 60,000ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Exit mobile version